القيامة
Al-Qiyaama
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ
Open ayah 75:1මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසමි.
وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ
Open ayah 75:2තවද තමන් මත අවලාද නගන ආත්මය මත දිවුරමි.
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ
Open ayah 75:3ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?
بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ
Open ayah 75:4එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.
بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ
Open ayah 75:5නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.
يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ
Open ayah 75:6“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.
فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ
Open ayah 75:7දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට,
وَخَسَفَ ٱلۡقَمَرُ
Open ayah 75:8තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,
وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ
Open ayah 75:9තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,
يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ
Open ayah 75:10පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.
كَلَّا لَا وَزَرَ
Open ayah 75:11එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ
Open ayah 75:12එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.
يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ
Open ayah 75:13ඔහු කලින් කළ දෑ හා ඔහු ප්‍රමාද කොට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.
بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٞ
Open ayah 75:14එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.
وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ
Open ayah 75:15ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද
لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ
Open ayah 75:16එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.
إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ
Open ayah 75:17එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.
فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ
Open ayah 75:18එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.
ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ
Open ayah 75:19පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.
كَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ
Open ayah 75:20නමුත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහුය.
وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ
Open ayah 75:21තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.
وُجُوهٞ يَوۡمَئِذٖ نَّاضِرَةٌ
Open ayah 75:22එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.
إِلَىٰ رَبِّهَا نَاظِرَةٞ
Open ayah 75:23තම පරමාධිපති දෙස බලමින් සිටිති.
وَوُجُوهٞ يَوۡمَئِذِۭ بَاسِرَةٞ
Open ayah 75:24තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.
تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٞ
Open ayah 75:25කොඳු ඇට පෙළ කඩා දමන යමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.
كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ
Open ayah 75:26එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට
وَقِيلَ مَنۡۜ رَاقٖ
Open ayah 75:27තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට
وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ
Open ayah 75:28නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට
وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ
Open ayah 75:29කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට
إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ
Open ayah 75:30එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.
فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ
Open ayah 75:31තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.
وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ
Open ayah 75:32නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ
Open ayah 75:33පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.
أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ
Open ayah 75:34නුඹට ඛේදයයි. නුඹට ඛේදයමයි!
ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ
Open ayah 75:35පසු ව ද නුඹට ඛේදයයි! නුඹට ඛේදයමයි!
أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى
Open ayah 75:36නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?
أَلَمۡ يَكُ نُطۡفَةٗ مِّن مَّنِيّٖ يُمۡنَىٰ
Open ayah 75:37විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?
ثُمَّ كَانَ عَلَقَةٗ فَخَلَقَ فَسَوَّىٰ
Open ayah 75:38පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහු මවා සැකසුවේය.
فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ
Open ayah 75:39පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.
أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ
Open ayah 75:40(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?