المدثر
Al-Muddaththir
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ
Open ayah 74:1අහෝ පොරවා ගෙන සිටින්නාණෙනි!
قُمۡ فَأَنذِرۡ
Open ayah 74:2නුඹ නැගී සිට, අවවාද කරනු.
وَرَبَّكَ فَكَبِّرۡ
Open ayah 74:3තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
وَثِيَابَكَ فَطَهِّرۡ
Open ayah 74:4තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ
Open ayah 74:5තවද කිලිට්ටෙන් වළකිනු.
وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ
Open ayah 74:6නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු.
وَلِرَبِّكَ فَٱصۡبِرۡ
Open ayah 74:7තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.
فَإِذَا نُقِرَ فِي ٱلنَّاقُورِ
Open ayah 74:8හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට,
فَذَٰلِكَ يَوۡمَئِذٖ يَوۡمٌ عَسِيرٌ
Open ayah 74:9එය දුෂ්කර දිනයක් වනු ඇත.
عَلَى ٱلۡكَٰفِرِينَ غَيۡرُ يَسِيرٖ
Open ayah 74:10දේව ප්රතික්ෂේපකයින්ට එදින පහසු නොවනු ඇත.
ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا
Open ayah 74:11මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.
وَجَعَلۡتُ لَهُۥ مَالٗا مَّمۡدُودٗا
Open ayah 74:12තවද මම ඔහුට බොහෝ සේ ධනය ඇති කර දුනිමි.
وَبَنِينَ شُهُودٗا
Open ayah 74:13ඉදිරියේ සිටින දරුවන් ද (ඇති කළෙමි.)
وَمَهَّدتُّ لَهُۥ تَمۡهِيدٗا
Open ayah 74:14තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.
ثُمَّ يَطۡمَعُ أَنۡ أَزِيدَ
Open ayah 74:15පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේය.
كَلَّآۖ إِنَّهُۥ كَانَ لِأٓيَٰتِنَا عَنِيدٗا
Open ayah 74:16එසේ නොව නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.
سَأُرۡهِقُهُۥ صَعُودًا
Open ayah 74:17ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.
إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ
Open ayah 74:18නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.
فَقُتِلَ كَيۡفَ قَدَّرَ
Open ayah 74:19ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
ثُمَّ قُتِلَ كَيۡفَ قَدَّرَ
Open ayah 74:20පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?
ثُمَّ نَظَرَ
Open ayah 74:21පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.
ثُمَّ عَبَسَ وَبَسَرَ
Open ayah 74:22පසු ව ඔහු රවා කිපුණේය.
ثُمَّ أَدۡبَرَ وَٱسۡتَكۡبَرَ
Open ayah 74:23පසු ව ඔහු පිටු පා උඩඟු විය.
فَقَالَ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ يُؤۡثَرُ
Open ayah 74:24එවිට මෙය පැවත එන හූනියමක් මිස නැත.
إِنۡ هَٰذَآ إِلَّا قَوۡلُ ٱلۡبَشَرِ
Open ayah 74:25මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි” ඔහු පැවසුවේය.
سَأُصۡلِيهِ سَقَرَ
Open ayah 74:26මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.
وَمَآ أَدۡرَىٰكَ مَا سَقَرُ
Open ayah 74:27සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
لَا تُبۡقِي وَلَا تَذَرُ
Open ayah 74:28එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.
لَوَّاحَةٞ لِّلۡبَشَرِ
Open ayah 74:29සම දැඩි ලෙස දවාලන්නකි.
عَلَيۡهَا تِسۡعَةَ عَشَرَ
Open ayah 74:30ඒ මත දහනව දෙනෙකි.
وَمَا جَعَلۡنَآ أَصۡحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةٗۖ وَمَا جَعَلۡنَا عِدَّتَهُمۡ إِلَّا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ لِيَسۡتَيۡقِنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَيَزۡدَادَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِيمَٰنٗا وَلَا يَرۡتَابَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡمُؤۡمِنُونَ وَلِيَقُولَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَمَا يَعۡلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَۚ وَمَا هِيَ إِلَّا ذِكۡرَىٰ لِلۡبَشَرِ
Open ayah 74:31නිරයේ සගයින් මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය දේව ග්රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් දේව ග්රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම "මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැ"යි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.
كَلَّا وَٱلۡقَمَرِ
Open ayah 74:32එසේ නොව සඳු මත දිවුරමින්.
وَٱلَّيۡلِ إِذۡ أَدۡبَرَ
Open ayah 74:33රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.
وَٱلصُّبۡحِ إِذَآ أَسۡفَرَ
Open ayah 74:34අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.
إِنَّهَا لَإِحۡدَى ٱلۡكُبَرِ
Open ayah 74:35නියත වශයෙන්ම එය (නිරය) බලවත් දැයින් එකකි.
نَذِيرٗا لِّلۡبَشَرِ
Open ayah 74:36මිනිසාට අනතුරු අඟවන්නක් වශයෙනි.
لِمَن شَآءَ مِنكُمۡ أَن يَتَقَدَّمَ أَوۡ يَتَأَخَّرَ
Open ayah 74:37එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.
كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡ رَهِينَةٌ
Open ayah 74:38සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපකරුවෙකු ලෙස සිටින්නේය.
إِلَّآ أَصۡحَٰبَ ٱلۡيَمِينِ
Open ayah 74:39නමුත් දකුණුපස ජනයා හැර.
فِي جَنَّٰتٖ يَتَسَآءَلُونَ
Open ayah 74:40ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.
عَنِ ٱلۡمُجۡرِمِينَ
Open ayah 74:41වැරදි කරුවන්ගෙන් (මෙසේ ප්‍රශ්න කරන ලදි).
مَا سَلَكَكُمۡ فِي سَقَرَ
Open ayah 74:42"නුඹලා සකර් තුළට ගෙන ආවේ කුමක්ද?"
قَالُواْ لَمۡ نَكُ مِنَ ٱلۡمُصَلِّينَ
Open ayah 74:43"අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු" යැයි ඔවුහු පැවසූහ.
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ
Open ayah 74:44තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.
وَكُنَّا نَخُوضُ مَعَ ٱلۡخَآئِضِينَ
Open ayah 74:45"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
وَكُنَّا نُكَذِّبُ بِيَوۡمِ ٱلدِّينِ
Open ayah 74:46තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
حَتَّىٰٓ أَتَىٰنَا ٱلۡيَقِينُ
Open ayah 74:47ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ
Open ayah 74:48එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ
Open ayah 74:49එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නේය.
كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ
Open ayah 74:50ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
فَرَّتۡ مِن قَسۡوَرَةِۭ
Open ayah 74:51සිංහ ගොදුරින් පලා යන (වන සතුන් මෙනි).
بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ
Open ayah 74:52එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතුරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ
Open ayah 74:53එසේ නොව ඔවුන් මතු ලොව පිළිබඳ බිය නොවෙති.
كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ
Open ayah 74:54එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.
فَمَن شَآءَ ذَكَرَهُۥ
Open ayah 74:55එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ
Open ayah 74:56අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.