البروج
Al-Burooj
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ
Open ayah 85:1ග්‍රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද,
وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ
Open ayah 85:2ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත ද,
وَشَاهِدٖ وَمَشۡهُودٖ
Open ayah 85:3සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.(පවසමි)
قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ
Open ayah 85:4අගල් වැසියෝ (අල්ලාහ් විසින්) විනාශ කරනු ලැබුවෝය.
ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ
Open ayah 85:5ඉන්ධන වලින් යුක්ත ගින්නක් වේ.
إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ
Open ayah 85:6ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.
وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ
Open ayah 85:7එකල් හි විශ්වාස කළවුන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් (ඒ මත වාඩි වී සිටියෝය.)
وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
Open ayah 85:8ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
Open ayah 85:9අහස් හා මහපොළොවෙහි රාජ්‍ය බලය සතු (අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන්) තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ
Open ayah 85:10නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ
Open ayah 85:11සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.
إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ
Open ayah 85:12නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ
Open ayah 85:13(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.
وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ
Open ayah 85:14ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.
ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ
Open ayah 85:15කීර්තිමත් අර්ෂ්හි (රාජ්‍යයෙහි) හිමිකරු ඔහු ය.
فَعَّالٞ لِّمَا يُرِيدُ
Open ayah 85:16ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ
Open ayah 85:17(නබිවරය) නුඹට ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?
فِرۡعَوۡنَ وَثَمُودَ
Open ayah 85:18ෆිර්අවුන් හා සමූද් (ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?)
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ
Open ayah 85:19නමුත් ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ
Open ayah 85:20තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ
Open ayah 85:21නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.
فِي لَوۡحٖ مَّحۡفُوظِۭ
Open ayah 85:22(කිසිඳු වෙනසකට බඳුන් නොවෙන ආකාරයට) ඵලකයෙහි ලේඛණ ගත කර ආරක්ෂා කර ඇත.