الطارق
At-Taariq
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ
Open ayah 86:1අහස මත ද තාරික් මත ද දිවුරමින්,
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ
Open ayah 86:2තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
ٱلنَّجۡمُ ٱلثَّاقِبُ
Open ayah 86:3(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ
Open ayah 86:4නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ
Open ayah 86:5මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
خُلِقَ مِن مَّآءٖ دَافِقٖ
Open ayah 86:6විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ
Open ayah 86:7කොන්ද හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ
Open ayah 86:8සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ
Open ayah 86:9රහස්‍ය දෑ පිරික්සනු ලබන දින,
فَمَا لَهُۥ مِن قُوَّةٖ وَلَا نَاصِرٖ
Open ayah 86:10එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ
Open ayah 86:11තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,
وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ
Open ayah 86:12පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,
إِنَّهُۥ لَقَوۡلٞ فَصۡلٞ
Open ayah 86:13සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
وَمَا هُوَ بِٱلۡهَزۡلِ
Open ayah 86:14තවද එය සරදමක් නොවේ.
إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدٗا
Open ayah 86:15සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කරති.
وَأَكِيدُ كَيۡدٗا
Open ayah 86:16මම ද සැලසුමක් සැලසුම් කරමි.
فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا
Open ayah 86:17එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු.