الإنفطار
Al-Infitaar
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتۡ
Open ayah 82:1අහස පිපිරී වෙන් ව ගිය විට,
وَإِذَا ٱلۡكَوَاكِبُ ٱنتَثَرَتۡ
Open ayah 82:2තවද තාරුකාවන් වැටී විසිරී ගිය විට,
وَإِذَا ٱلۡبِحَارُ فُجِّرَتۡ
Open ayah 82:3තවද සමුද්‍රයන් පුපුරා යන විට,
وَإِذَا ٱلۡقُبُورُ بُعۡثِرَتۡ
Open ayah 82:4තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,
عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ
Open ayah 82:5සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.
يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ
Open ayah 82:6අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මංමුළා කළේ කුමක් ද?
ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ
Open ayah 82:7(නුඹගේ පරමාධිපතිවූ) ඔහු නුඹ ව මවා පසුව නුඹව උසස් අන්දමට නිර්මාණය කර (ඔබේ හැඩරුව) නියමිත ආකාරයට සැකසුවේය.
فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ
Open ayah 82:8කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් නුඹව මැව්වේය.
كَلَّا بَلۡ تُكَذِّبُونَ بِٱلدِّينِ
Open ayah 82:9නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.
وَإِنَّ عَلَيۡكُمۡ لَحَٰفِظِينَ
Open ayah 82:10නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් ඇත.
كِرَامٗا كَٰتِبِينَ
Open ayah 82:11(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.
يَعۡلَمُونَ مَا تَفۡعَلُونَ
Open ayah 82:12ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.
إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٖ
Open ayah 82:13නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.
وَإِنَّ ٱلۡفُجَّارَ لَفِي جَحِيمٖ
Open ayah 82:14තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.
يَصۡلَوۡنَهَا يَوۡمَ ٱلدِّينِ
Open ayah 82:15විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙන්නෝය.
وَمَا هُمۡ عَنۡهَا بِغَآئِبِينَ
Open ayah 82:16තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
Open ayah 82:17විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ
Open ayah 82:18පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?
يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ
Open ayah 82:19එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් (හෝ පිහිටවීමේ) බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් වෙත ය.