التكاثر
At-Takaathur
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ
Open ayah 102:1තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ
Open ayah 102:2නුඹලා මිනීවළවල් හමු වන තුරු,
كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
Open ayah 102:3එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
Open ayah 102:4යළි එසේ නොව, නුඹලා මතු දැන ගන්නෙහුය.
كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ
Open ayah 102:5එසේ නොව නුඹලා ස්ථාවර දැනුමින් දැන ගන්නෙහු නම්,
لَتَرَوُنَّ ٱلۡجَحِيمَ
Open ayah 102:6නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ
Open ayah 102:7පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ
Open ayah 102:8තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.