العاديات
Al-Aadiyaat
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلۡعَٰدِيَٰتِ ضَبۡحٗا
Open ayah 100:1හති දමමින් වේගයෙන් දිව යන දෑ මත දිවුරමින්,
فَٱلۡمُورِيَٰتِ قَدۡحٗا
Open ayah 100:2කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන දෑ මතද,
فَٱلۡمُغِيرَٰتِ صُبۡحٗا
Open ayah 100:3තවද අලුයමෙහි ආක්‍රමණය කරන දෑ මතද දිවුරමින්,
فَأَثَرۡنَ بِهِۦ نَقۡعٗا
Open ayah 100:4එවිට එමගින් උන් දූවිලි නංවමින්,
فَوَسَطۡنَ بِهِۦ جَمۡعًا
Open ayah 100:5කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
إِنَّ ٱلۡإِنسَٰنَ لِرَبِّهِۦ لَكَنُودٞ
Open ayah 100:6නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
وَإِنَّهُۥ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٞ
Open ayah 100:7තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
وَإِنَّهُۥ لِحُبِّ ٱلۡخَيۡرِ لَشَدِيدٌ
Open ayah 100:8තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.
۞أَفَلَا يَعۡلَمُ إِذَا بُعۡثِرَ مَا فِي ٱلۡقُبُورِ
Open ayah 100:9නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?
وَحُصِّلَ مَا فِي ٱلصُّدُورِ
Open ayah 100:10තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?
إِنَّ رَبَّهُم بِهِمۡ يَوۡمَئِذٖ لَّخَبِيرُۢ
Open ayah 100:11නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව සර්ව ඥානීය.