العلق
Al-Alaq
Translation: Sinhala - Rowwad Translation Center · Open the surah
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ
Open ayah 96:1මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ
Open ayah 96:2ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ
Open ayah 96:3අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ
Open ayah 96:4ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.
عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ
Open ayah 96:5ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය.
كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ
Open ayah 96:6නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ
Open ayah 96:7තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ
Open ayah 96:8නියත වශයෙන්ම නැවත හැරී යනුයේ නුඹගේ පරමාධිපති වෙතය.
أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ
Open ayah 96:9ඔහු ව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
عَبۡدًا إِذَا صَلَّىٰٓ
Open ayah 96:10ගැත්තා සලාතය ඉටු කරන විට,
أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ
Open ayah 96:11ඔහු යහමඟෙහි සිටීම නුඹ දුටුවෙහිද?
أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ
Open ayah 96:12නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටීම (නුඹ දුටුවෙහිද?)
أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ
Open ayah 96:13තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපෑම නුඹ දුටුවෙහි ද?
أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ
Open ayah 96:14නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියේද?
كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ
Open ayah 96:15නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ
Open ayah 96:16එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
فَلۡيَدۡعُ نَادِيَهُۥ
Open ayah 96:17එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන්(වන උදව්කරුවන්)ව කැඳවත්වා!
سَنَدۡعُ ٱلزَّبَانِيَةَ
Open ayah 96:18මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩
Open ayah 96:19නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වෙනු.